හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි. එච්. කේ. මහනාම මහතා විසින් ඉදිරිපත් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කළේය.
ඉකුත් රජය සමයේ කන්තලේ සීනි සමාගම ඉන්දියානු ජාතික ව්‍යාපාරිකයකුට පැවරීමේ දී ඊට අදාළ යන්ත්‍රෝපකරණ සහ ගොඩනැඟිලි පවරා දීමේ කටයුතු ඉටු කිරීම සඳහා රුපියල් මිලියන 54 ක අල්ලසක් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත කර සිටින ආචාර්ය අයි.එච්.කේ. මහනාම මහතාගේ ඇප ඉල්ලීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාද වූ මහානාම මහතා රුපියල් මිලියන 20ක් අල්ලසක් ලබාගැනීමේදි අත්අඩංගුවට ගැණින.
ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම විත්තිකරුට ඇප ප්රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු කිසිවක් ඉදිරිපත් වී නොමැති බවයි.
හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය මහානාම මහතාට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිතව වසර 20ක සිර දඬුවමක් හා රුපියල් 60,000 ක දඩයක් ද නියම කරනු ලැබුවේය.
ඊට අමතරව අල්ලස් වශයෙන් ලබා ගත් රුපියල් මිලියන 20 ක මුදල යළි රජයට ගෙවිය යුතු බවට ද එම තීන්දුවේ සඳහන් විය.