හිටපු ජනපතිවරයා නැවතත් ඡන්දය ඉල්ලන බවට කථාවක් යන බවත් ඒ පිළිබඳව තමන්ට ලැජ්ජාවක් ඇති බවත් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ පවසති.
එසේම පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනපති කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් අප්‍රේල් 21 දායින් පසුව පාරට බසින බවත් උන්වහන්සේ ප්‍රකාහ කළහ.
“මම ඉතාමත්ම ඕනෑ කමින් ඉල්ලනවා රජයේ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අධ්‍යනය කරන්න පත්කරපු ජනපති කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නංවන්න.
දැන් අපිට සමහර වෙලාවට ලැජ්ජත් හිතෙනවා අපේ හිටපු ජනපතිතුමා ඡන්දේ ඉල්ලනවා කියලා කථාවක් යනවා. මම අහන්න කැමතියි ඇඳුම් ඇඳගෙනද මේ කථාව කියන්නේ.
මිනිස්සුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා පිටරටට ගිය ජනාධිපතිතුමා කොහොමද ඡන්දේ ඉල්ලන්නේ ආයෙත් සැරයක්.
කොහොමද පක්ෂයක නායකයෙක් වෙන්නේ. එතුමාට විරුද්ධව ගන්න තියෙන ක්‍රියාමාර්ග නීතිමය වශයෙන් ගන්න තවදුරටත් පරක්කු කරන්න ඕන නෑ.
තමන්ගේ අතේ වරද තියාගෙන අත හෝදන්න යන්න පිලාතුල වෙන්න එපා කියලා මම ඒ අදාළ නායකයන්ට කියනවා.
ගෙදර ගිහින් වැඩක් බලාගන්න. තමන්ගේ වගකීම් ඉෂ්ට නොකර දැන් වගකීම් ඉල්ලන්නේ කොහොමද?
ඇඳුම් ඇඳගෙනද දැන් ඔය වගකීම්වලට කර ගන්න එන්නේ.
දෙවනුව දැන් ඔය පොලීසියේ උසස්ම නිලධාරියෙක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ එන්නවා. මේ ගැන මොකුත් දැනගෙන කළේ නෑ කියන චෝදනාව එයාට තියෙනවා.
මේ කාරණාවල් තව කමිටු පත්කරගෙන හොය හොයා ඉන්න කාරණාවල් නෙමෙයි. වාර්තාවේ පැහැදිලිව තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න. වගකිව යුත්තන් වාර්තාව නම් කර තිබෙනවා.
තවත් බලාගෙන ඉන්නේ මොකටද මාස ගණන්. මම ඒක ජනපතිතුමාගෙන් හා රජයෙන් අහන්න කැමතියි. මම ඉල්ලා සිටිනවා කරුණා කරලා සෙප්පඩ විජ්ජාව අපිත් එක්ක කරන්න එපා.
මේ වැඩකටයුතුවලට සම්බන්ධ වෙච්ච සමහර ඇමතිවරු බොහොම නිදැල්ලේ හැසිරෙනවා. ඒ මැති ඇමතිවරු සැහැල්ලුවේ පාර්ලිමේන්තුවේ වාඩි වෙලා ඉන්නවා සහරාන්ලත් එක්ක හිනාවෙලා ගනුදෙනු කරපු.
මේක අපහාසයක් අපිට. ඒ අය ගැන මීට වඩා පරීක්ෂණ පවත්වලා. ඒ අය ගනුදෙනු කළේ කොහොමද? ඒ අයගේ බැංකු ගිණුම් තුළ මොනවද තියෙන්නේ. හිතමිත්‍ර කම්වලින් මේකට සිදුවූ බලපෑම මොකක්ද කියලා විග්‍රහයක් කරන්න අවශ්‍යයි.
මම යුක්තිය සාධාරණ්තවය ඉල්ලාගෙන සිටිනවා. 21 දාට කලින් මේකට ක්‍රියාත්මක වුණේ නැත්නම් අපි පාරට බහිනවා”