කොරෝනා ආසාදිතව සිටි හිටපු අමාත්‍ය මංගල සමරවීර අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඔහු 65 වන වියේ පසුවිය.
1983 වර්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර සංවිධායකවරයා වශයෙන් දේශපාලනයට පිවිසි මංගල සමරවීර මහතා, 1989 වර්ෂයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පළමු වරට තේරී පත්විය. අනතුරුව ඔහු අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.
1994 වර්ෂයේදී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියගේ පොදුජන එක්සත් පෙරමුණ රජයේ තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා, 2005 වසරේ සිට 2007 වසර දක්වා හිටපු ජනාධිපති සහ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ රජයේ විදේශ කටයුතු භාර අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත.
පසුව එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ යහපාලන රජය සමඟ එක්වන හෙතෙම 2015 වර්ෂයේ සිට, එම රජයේ මුදල් අමාත්‍යවරයා ලෙසත්, විදේශ කටයුතු භාර අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. අත්දැකීම් බහුල දේශපාලඥයෙකු වූ මංගල සමරවීර මහතා අවස්ථා කිහිපයකදීම කැබිනට් අමාත්‍යධූර හොබවා තිබීම විශේෂත්වයකි.
1956 අප්‍රේල් මස 21 වැනි දින මාතරදී උපත ලද මංගල සමරවීර මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකුද වේ.