හැටන් වටවල හයිඩ්රි ප්රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් අනතුරට පත් වි ඇති බව වටවල පොලීසිය පැවසිය.
අද (06) දින පස්වරු 2 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ වටවල රොසැල්ල මංසන්ධියේදිය.
හයිඩ්රි ප්රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වු බස් රථය හැටන් කොළඹ ප්රධාන මාර්ගයට ඇතුල් කිරිමට රියදුරා උත්සාහ කිරිමේදි බස් රථය රියදුරාගේ පාලනයෙන් මිදි පසු පසුට ධාවනය විම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කන්දක ගැටි අනතුර පත් වි ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් පහලොස් දෙනෙකු පමණ ගමන්කර ඇතත් අනතුරෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති බවත්, බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බවයි අනතුර පිළිබදව පරික්ෂණ පවත්වන වටවල පොලීසිය පැවසිය.