www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
හැටන්, ස්ටැඩන් තේ වතුයායේ කොටසක නාය යෑමේ භූ ලක්ෂණ මතු වීම හේතුවෙන් එම වතුයායේ පදිංචි පවුල් 23ක සමාජිකයන් 54 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකළ බව හැටන් පොලීසිය පවසයි.
මහවැලි ගඟේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන් ඔයට ඉහළින් ගතවූ දින කිහිපය තුළ මධ්‍යම කඳුකරයට බලපෑ දැඩි අයහපත් කාලගුණයත් සමග එම තේ වත්තේ කොටසක් ගිලා බැසීමට ලක්ව ඇතැයි වතු පාලනාධිකාරිය පැවසීය.
එම නාය යෑමේ අවදානම පවතින ස්ථානයට පහළින් වතු නිවාසවල පදිංචිකරුවෙන් හැටන් ෆෘට්හිල් දමිළ මහා විද්‍යාලයේ තාවකාලිකව නතර කර ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සහ යටිතල පහසුකම් ගිනිගත්හේන ප්‍රාදේශීය කාර්යාලය මගින් ලබාදී ඇත.
නාය යෑමේ අවදානමට ලක්ව ඇති ස්ථානය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමට නියමිතය.
හැටන් - රංජිත් රාජපක්ෂ
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
අඹු සැමි යුවළක් වෙළඳසැළක් තුළ ඝාතනය කරයි
දුරකතනයක් නැතිවූ විට හෝ සොරකම් කළ විට මොකද කරන්නේ?
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd