හැටන් නගර සිමාව තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු (22) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් පැවසිය.
හැටන් මෙන්ඩිස් මාවතෙන් අසාදිතයන් 04 , විල්ෆ්රඩ්පුර ප්‍රදේශයෙන් අසාදිතයන් 04 , හැටන් නගරයෙන් අසාදිතයන් 04 දෙනෙකු හදුනාගත් බවයි සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.
අසාදිතයන් අතර කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි අසාදිතයන් 05 දෙනෙකු සිටින බවයි සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.
අසාදිතයන් සියලු දෙනා පෙර අසාදිතයන්ගේ ආශ්‍රිතයන් වි සිටි නිසා ඔහුන් ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණය අනුව ඔහුන්ට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බවයි හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් වැඩිදුරටත් කියා සිටියේ.