දිවයින පුරා විශේෂයෙන් උතුර, නැගෙනහිර හා ඌව පළාත්වල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට (17දාඇති) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එසේම වයඹ පළාතෙත් වැසි වාර කිහිපයක් ඇතිවන බවත් අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් නැගෙනහිර හා ඌව පළාත්වලත් පොලොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75-100 පමණ තරමක් තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.