ලංකා සීනි සමාගම සහ ගල්ඔය සීනි සමාගම දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 2350ක් මේ වනවිට සතොස සහ සමූපකාර සමිති වෙත නිකුත් කර ඇති නිසා හෙට (01දා) සිට එම ආයතන වලින් හිඟයකින් තොරව දුඹුරු සීනි මිලදී ගැනීමට පාරිභෝගියකයන්ට හැකියාවක් ඇති බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර අද (31දා) පැවසීය.
කෝවිඩ් ආසාදිතව සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී දුරකතන සහ අන්තර්ජාලය ඔස්සේ මාර්ගගතව නිලධාරින් දැනුවත් කරමින් ජානක වක්කුඹුර මහතා මේ බව පැවසුවේය.
“රජයට අයත් ලංකා සීනි සමාගම විසින් සෙවනගල සහ පැලවත්ත සීනි කර්මාන්තශාලා දෙකේ නිෂ්පාදිත සීනි මෙට්‍රික් ටොන් 1750ක් වෙළඳපොළට ලබා දෙන්න කටයුතු කරලා තියනවා. ඒ වගේම ගල්ඔය සිනි සමාගමෙන් මෙට්‍රික් ටොන් 600ක් නිකත් කරනවා. සතොසට සහ සමුපකාර සමිතිවලට අපි කියනවා ඒ සීනි තොග අරගෙන යන්න කියලා.
බදාදා ඉඳලා හිඟයකින් තොරව රුපියල් 130 බැගින් දුඹුරු සීනි රටපුරා ඇති සතොස සහ සමූපකාර වෙළඳසැල් මගින් ලබාගන්නට පුලුවන්.”
අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්න ජේ නානායක්කාර