කාර්යාලීය දුම්රිය ඇතුළු සියළු දුම්රිය ගමන් වාර හෙට (08දා) සිට ධාවනය කිරීමට සැලසුම් කර ඇති අතර එම සියල්ල ධාවනය කළද ආසන පහසුකම් සැපයිය හැක්කේ 26 000 ට පමණක් බැවින් දුම්රිය මගීන් සියළු දෙනාට ආසන පහසුකම් සැපයීමට හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එබැවින් දුම්රිය ගමන් සාමාන්‍ය පරිදි ආරම්භවුවද රාජකාරී ගමන් සඳහා පමණක් දුම්රිය භාවිත කරන ලෙසත් අනවශ්‍ය ගමන් බිමන් යාමෙන් වළකින ලෙසත් දුම්රිය දෙපාර්තමේන්තුව මගීන්ගෙන් ඉල්ලා සිටියි.
සාමාන්‍ය වැඩකරන දිනක දුම්රියෙන් මගීන් 147000 වඩා වැඩි පිරිසක් ගමන් ගන්නා අතර සියළු දුම්රිය ධාවනයේ යෙදවුවද දුම්රය ආසන ඇත්තේ 26 000 ක් පමණක් බැවින් දුම්රිය ගමනාගමනයේදී අර්බුදයක් මතුවිය හැකි වුවද ඊට වඩා දුම්රිය යෙදවීමේ හැකියාවක් නොමැති බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී(වාණිජ) වී එස් පොල්වත්තගේ මහතා පැවසීය.
දුම්රිය කාලසටහනට අමතරව කිසියම් දුම්රිය මාර්ගයක තවත් අමතර දුම්රියක් ධාවනය කළහොත් අනිකුත් දුම්ර්ය ධාවනයන්ද අඩාල විය හැකි බවද පැවසු පොල්වත්තගේ මහතා මෙසේද පැවසීය,
"සාමාන්‍ය දුම්රිය කාලසටහනයට අනුව තිබෙන සියළුම දුම්රියන් ධාවනයට එක්කරනවා. සෞඛ්‍ය අංශ දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත්කළේ ආසන ප්‍රමාණයට අවශ්‍ය පහසුකම් සපයන්න කියලයි. ඒ නිසයි ටෝකන් ක්‍රමට හදුන්වාදුන්නේ. නමුත් දුම්රිය සිල්ල ධාවනයට එක්කලත් ඉදගෙන යාමේ පහසුකම් සපයන්න පුළුවන් 26000 වැනි පිරිසකට පමණයි.
මීට වඩා දුම්රිය කාලසටහන් වෙනස් කරන්න බැහැ. මොකද යොදවන්න පුළුවන් උපරිම දුම්රිය ප්‍රමාණය මේවනවිට අපි යොදවලා තිබෙනවා. සාමාන්‍ය දිනයකදී ධාවන වන දුම්රිය ගමන් වාර ගණන ඒ ආකාරයෙන්ම ධාවනය වෙනවා නමුත් එයට වඩා ගමන් වාර වැඩිකරන්න අපිට හැකියාවක් නැහැ"