පවතින කාලගුණ තත්ත්වයට අනුව හෙට (07දා) දිනයේදී උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත්, පුත්තලම දිස්ත්‍රික්කයේත් උණුසුම් තත්ත්වය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි.
අධික උෂ්ණදර්ශකයට අනුව හෙට (07දා) දින යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, අම්පාර, පුත්තලම, පොළොන්නරුව හා මඩකලපුව යන දිස්ත්‍රික්කවල උෂ්ණ දර්ශකය 32- 41 අතර තත්ත්වයට පත්ව ඇත.
මෙම අගය ගණනය කිරීම්වලට අනුව උණුසුම් තත්ත්වය ඉහළ යෑම වැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයකි.
මීටඅමතරව උෂ්ණ දර්ශක 27 සිට 32 දක්වා අවධානය යොමුකළ යුතු තත්ත්වයේ පවතින මට්ටමට අයත් වන අතර, මෙම තත්ත්වය ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, මාතර හම්බන්තොට, මොනරාගල හා මාතලේ දිස්ත්‍රික්කවලට ඇතිවී තිබේ.
කෑගල්ල,මහනුවර, නුවරඑළිය, බදුල්ල හා රත්නපුරය යන දිස්ත්‍රික්කවල කිසිදු තත්ත්වයක් වාර්තා නොවන අතර, දර්ශක අගය 54 ඉක්මවුවහොත් එය අනතුරුදායක මට්ටමක් ලෙස සලකනු ලැබේ.