හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරයෙක් හිඟුරක්ගොඩ තෙමහල් පොදු වෙළඳසංකිර්ණ ගොඩනැගිල්ලකට නැග ඊයේ (23) දින පස්වරුවේ සිට අද (24) දින දක්වා විරෝධතාවයක යෙදි සිටියි.
මෙසේ විරෝධතාවයේ යෙදි සිටින්නේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හතමුණ බුබුල කලාපය භාර රවින්ද්‍ර ලක්මල් බංඩාර නැමැති මන්ත්‍රීවරයායි.
මෙම විරෝධතාවය පිළිබඳ අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ පැවැසිය,
"මම හිඟුරක්ගොඩ ප්‍රාදේශිය සභාවට 2018 පොදුජන පෙරමුණේන් තරග කරලා හතමුන බුබුල කලාපය භාර මන්ත්‍රීවරයා ලෙස කටයුතු කලා. හිටිගමන් ඒ සදහා වෙනත් කාන්තාවක් එම ප්‍රදේශය භාර නියෝජිතවරිය ලෙස පත් කරලා තියෙනවා පොළොන්නරුවේ රොෂාන් රණසිංහ කියන රාජ්‍ය අමාත්‍යවරයා විසින්. ඒ සදහා මම තරයේම විරුද්ධයි.
මමයි ඡන්දයෙන් පත්වු මන්ත්‍රීවරයා මාව කොහොමද අයින් කරන්නේ. මේ මොකුත් නෙවේ රොෂාන් රණසිංහ මහතා අපි සිරිපාල ගම්ලත් මහතා සමග කටයුතු කරනවාට තරහට තමයි මේ දේ කලේ. ඊයේ දින මාගේ කලාපයේ ඒ. ජි ඔපිස් එකේ නිලධාරින් සහ ගමේ ජනතාව එක්ක රැස්විමක් තිබුණා. එහිදි අර කාන්තාවට බිත්තර ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා. එකට වෙනත් පුද්ගලයෙකු පොලීසියෙන් අත්අඩංගුවට ගත්තා. මගෙන් කටඋත්තර ලියාගත්තා. මේක හරිම අසාධාරණයක්. මම අගමැතිතුමාගෙන් සහ ජනාධිපති තුමාගෙන් සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. මාගේ කලාපය මට භාර දෙන ලෙසත් අත්අඩංගුවට පත් පුද්ගලයා නිදහස් කරන තෙක් මම මැරුණත් මෙම වහලයෙන් බහින්නේ නැහැයි" පැවසීය.
මේ සම්බන්ධයෙන් හතමුණ කලාපය වෙනුවෙන් පත් කල නිලුසි අයිරාංගනි ගෙන්ද විමසිමක් කළාය,
"මාව හතමුණ කලාපයේ කොට්ඨාස සංවිධායක ලෙස රොෂාන් සර් පත් කලා. පසුව මා ඊයේ (23) එම කොට්ඨාසයේ ජනතාව සහ එ ජි ඔපිස් එකේ මහත්වරුත් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අවස්ථාවේදි රවින්ද්‍ර මන්ත්‍රීවරයාගේ කට්ටියක් මට සහ සැමියාට බිත්තර වලින් සහ අතින් පහර දිමක් සිදු කලා. පසුව මම පොලීසියට ගොස් පැමිණිල්ලක් දමා රෝහල් ගත වුනා" යැයි පැවසීය.
කෙසේ නමුත් හිඟුරක්ගොඩ පොලීසිය පවසා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු අද දින හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කරන බවත් සිද්ධිය සම්බන්ධයෙන් රවින්ද්‍ර ලක්මල් බංඩාර නැමැති මන්ත්‍රීවරයාගෙන්ද කට උත්තර සටහන් කර ගත් බවයි.
කෙසේ නමුත් අත්අඩංගුවට පත් පුද්ගලයාගේ ඥාතියෙකුත් මෙම වහලයට නැඟ විරෝධතාවයේ යෙදි සිටියි.