කොරෝනා මර්දන එන්නත් තුන් කෝටි පහලොස් ලක්ෂ පනස් හය දහස් හතලිස් හතරක් මේ වනවිට මෙරටට රැගෙනවිත් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේත් එන්නත්කරණ වැඩසටහන රටපුරා ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. හැකි ඉක්මනින් තමන්ට හිම එන්නත ලබා ගන්නා ලෙසද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.