හංවැල්ල, තුන්තාන ප්ර දේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්රි යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළාගොස් ඇති බවට හංවැල්ල පොලීසියට ලද තොරතුරක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ.
තුවාලකරු අවුරුදු 55ක් වන තුන්තාන ප්ර දේශයේ පදිංචිකරුවෙකි. වෙඩි තැබීමට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා නොවන බවත් හංවැල්ල පොලීසිය හා තවත් පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් මූලස්ථානය කියයි.