යේමනයේ හූති කැරැලිකරුවන් සෞදි අරාබියේ අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනකු තුවාල ලබා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
සෞදි අරාබිය සහ යේමනය අතර දේශසීමාවේ මෙම ගුවන්තොටුපොළ පිහිටා තිිබේ.
සෞදි අරාබියේ ගුවන් ආරක්ෂක පද්ධති මඟින් මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමටත් ඩ්‍රෝන යානය විනාශ කිරීමටත් සෞදි අරාබියානු ආරක්ෂක අංශ සමත් වූ තිිබේ.
මෙම ප්‍රහාරයෙන් සෞද ජාතකයන් දෙදෙනකු, ශ්‍රී ලංකා, බංග්ලාදේශ, නේපාල, ඉන්දීය සහ පිලිපීන ජාතිකයකු බැගින් තුවාල ලබා ඇත.