සෞදිය, තුර්කිය හා පාකිස්තානය ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට
සෞදි අරාබිය, තුර්කිය සහ පකිස්ථානය ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර ඇති අතර මෙම ගිවිසුම අනුව එක් අයෙකුට
පහර දීම තිදෙනාටම පහර දීමක් ලෙස සලකනු ඇතැයි පවසයි.
සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන්, තුර්කි ජනාධිපති රිසෙප් තායිප් එර්ඩෝගන් සහ පකිස්ථාන අගමැති ෂෙබාස්
ෂරීෆ් අතර සෞදි මක්කමේදී පැවති රැස්වීමකදී මෙම ගිවිසුම නිවේදනය කරන ලදී.
පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට පහර දීමෙන් පසු, ඉරානය හා ඉරානයට සම්බන්ධ ආයුධ සන්නද්ධ
සංවිධාන සෞදි අරාබියේ සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යවල ඉලක්කවලට පහර දී ප්‍රධාන තෙල් නැව් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර
සන්ධිය සහ රතු මුහුද හරහා ගමනාගමනයට බාධා කර තිබේ.
මක්කම ගිවිසුමට ටෙහෙරානයෙන් තියුණු ප්‍රතිචාරයක් ලැබී ඇති අතර, ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැවසුවේ එය
සෞදි අරාබියට උදව් නොකරන බවයි.
සෞදි අරාබිය සහ පකිස්ථානය පසුගිය වසරේ ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමක් දැනටමත් ප්‍රකාශයට පත් කර තිබුණි. නව මක්කම
ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම මගින් ලොව බලවත්ම මුස්ලිම් ජාතීන් තුනක් එකට එකතු වී අන්‍යෝන්‍ය ආරක්ෂක සහතික ලබා දෙනු
ඇත.
එහි අරමුණ වන්නේ "ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට එරෙහිව සාමූහික වැළැක්වීම ශක්තිමත් කිරීම සහ රාජ්‍ය තුනෙන් ඕනෑම
එකකට එරෙහිව එල්ල කරන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් ඒ සියල්ලටම එරෙහි ප්‍රහාරයක් ලෙස සැලකිය යුතු බවට නියම කිරීමයි"
යනුවෙන් ඒකාබද්ධ ප්‍රකාශයක සඳහන් වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

