සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් පර්හාන් අල් සවුඩ් මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් අද (14දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙකු ද පැමිණ සිටියහ.
ඔවුන් සෞදි අරාබියට අයත් විශේෂ ගුවන් යානයකින් අලුයම 01.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි , සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.
මෙම සෞදි අරාබි විදේශ අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස අද සවස ඔවුන් පැමිණි විශේෂ ගුවන් යානයෙන්ම ආපසු පිටත්ව යාමට නියමිතය.
මෙම අවස්ථාව ජායාරූපයට නැගීමට අවස්ථාව ලබා දී නොතිබුණි .