සෞදි ගුවන් තොටුපළ භාවිත නොකරන ලෙස යේමනයේ හූති සංවිධානය සියලුම ගුවන් සේවා සමාගම් වෙත නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
එම සංවිධානයේ හමුදා ප්රකාශක යහියා සාරී විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වූයේ "සෞදි ගුවන් තොටුපළ සහ ගුවන් කලාපය භාවිත කිරීමට එරෙහිව තම අනතුරු ඇඟවීම නැවත අවධාරණය කරනවා. ඊට හේතුව වන්නේ ඒවා අපගේ හමුදාවන්ගේ මෙහෙයුම් සඳහා ඉලක්ක සහ ස්ථාන විය හැකි වීමයි" යනුවෙනි. යේමනයේ හූති සටන්කරුවන් ඉරානයේ සහාය ලබන කණ්ඩායමකි.
මක්කම සහ මදීනාව මෙම අනතුරු ඇඟවීමෙන් බැහැර කර ඇති බව සාරී පවසයි. උතුරු යේමනයේ ක්රියාත්මක මෙම සන්නද්ධ දේශපාලන හා ආගමික කණ්ඩායම "සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ අපගේ අනතුරු ඇඟවීම් බැරෑරුම් ලෙස සලකන ලෙසයි"; එමෙන්ම, (ප්රහාර) වළක්වා ගැනීමට දරන අසාර්ථක උත්සාහයන් සම්බන්ධයෙන් සෞදි අරාබිය "වගකීම දැරිය යුතු" බවද ඔවුහු පවසති.