සෞඛ්‍යයට එල්ල කරන චෝදනා ගැන සී.අයි.ඩී. යට පැමිණිල්ලක්
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා ඊයේ (15) කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි.
මෙහි දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයුම් ජාලය මෙන් ම සෞඛ්‍ය සේවාවේ නිරත නිලධාරීන් ඉලක්ක කර අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දක්වමින් ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා පැවසීය.
පසුගිය සති කිහිපයක සිට මෙලෙස අඛණ්ඩව අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවත්, එය නිවැරදි ව තීන්දු තීරණ ගැනීමට මෙන් ම ක්‍රියාකිරීමට ද මහත් බාධාවක් බවත් පැවසු ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා රජයේ සෞඛ්‍ය සේවාවන් බිදවැට්ටවීම හෝ කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවයක් මත මෙලෙස කටයුතු කරන්නේ ද යන සැකය මතුවී ඇති බැවින් මෙම කරුණූ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

