සෞඛ්‍ය සේවාවට තවත් 2652ක්
මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහාත්, රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවා බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සැලසුම් සහගත වැඩපිළිවෙලක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ක්‍රියාවට නංවා ඇත.
ඒ අනුව මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙල යටතේ, දීර්ඝ කාලයකට පසු සෞඛ්‍ය කාර්ය සහායක (SKS) ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීමට පියවර ගනිමින් බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක (SKS) පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකු සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජුලි මස 04 දින පෙරවරු 9.00ට මරදාන ටවර් රඟහල (Tower Hall)හි දි පත්වීම් ප්රදානය කිරිමට නියමිතය.
සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් කාණ්ඩ කිහිපයක් යටතේ ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෑතකදී පවත්වන ලද ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ (Structured Interviews) ඉතා සාර්ථක ලෙස නිම කර ඇති සහ කුසලතා මත තේරී පත් වූ අපේක්ෂකයින් හට මෙම පත්වීම් ලිපි ප්රදානය කෙරේ.
ඒ අනුව ජූලි මස 04 දින සෞඛ්‍ය කාර්ය සහායක (SKS) පළමු කණ්ඩායම ලෙස 627 ක්, ජූලි 18 දින දෙවන කණ්ඩායම ලෙස සෞඛ්‍ය කාර්ය සහායක (SKS) 600 ක්, අගෝස්තු 01 දින තෙවන කණ්ඩායම ලෙස සෞඛ්‍ය කාර්ය සහායක (SKS) 762 ක් වෙත මෙන්ම ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක 295 ක් සහ සුළුසේවා පාලක (Overseers) 121 ක් වෙතද පත්විම් ප්රදානය කිරිමටත් මීට අමතරව ජුලි 16 දින රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර 247 ක් වෙතද පත්වීම් ප්රදානය කිරිමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ සෘජු උපදෙස් හා මඟපෙන්විම මත මෙම මානව සම්පත් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක අතර, සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තීය සමිති සහ පාර්ශවකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ ඉල්ලා සිටි මානව සම්පත් හිඟයට ස්ථිර විසඳුම් ලබාදෙමින්, සම්පූර්ණයෙන්ම විනිවිදභාවයකින් යුතුව මෙම පත්වීම් ප්රදානය සිදු කිරිමට පියවර ගැනීම ද විශේෂත්වයකි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

