හෙද, පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය වෘත්තීයවේදීන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා අද (07දා) උදෑසන 7.00 සිට සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි.
රෝහල්වල හා සෞඛ්‍ය ආයතන තුළ මෙම සේවා තුනට අයත් 60,000 පිරිසක් අද සිට ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සේවයට වාර්තා නොකරන බවද එම සම්මේලනයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
මානුෂීය හේතූන් මත මෙම සේවා තුනටම අයත් පිරිස් විසින් රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට සකච්ඡාවෙන් කටයුතු කරන බවද ඒ මහතා පවසා සිටියේය.
මීට අමතරව මාතෘ හා ළමා රෝහල් හා පිළිකා සහා වකුගඩු රෝගීන් ප්‍රතිකාර ලබා ගන්නා රෝහල් තුළත් සේවා පවත්වාගෙන යාමට කටයුතු කරන බවද සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
අදාළ ගැටලු විසඳා ගැනීමට පසුගිය දිනවල පළාත් මූලික කර ගනිමින් එක් දින වැඩවර්ජන හා විරෝධතා ව්‍යාපාර පැවැත්වූ බවත්, එහෙත් බලධාරීන් ගැටලු විසඳීමට කටයුතු නොකළ බවත් හෙතෙම පවසා සිටියේය.