කෑගල්ල මහ රෝහල සහ සෞඛ්‍ය ආයතන වල සේවය කරන වෛද්‍යවරුන් සහ කාර්යය මණ්ඩලය අද (24 දා) උදෑසන සිට කෑගල්ල විකල්ප මාර්ගයේ ඉන්ධන හලට ඉන්ධන ලබා ගැනිමට පැමිණ සිටියත් උදැසන 09.15වන තෙක් සෞඛ්‍ය සේවකයන් හට ඉන්ධන ලබා නොදී මහජනතාවට පමණක් ඉන්ධන නිකුත් කිරිම හේතුවෙන් කෑගල්ල මහ රෝහල සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන වල සෞඛ්‍ය සේවා අඩාල වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෛද්‍යවරුන් හෙද හෙදියන් මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුළු අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලයට ඉන්ධන නිකුත් කිරිමට සිකුරාදා දිනය කෑගල්ල විකල්ප මාර්ගයේ ඉන්ධන හල නම් කිරිම හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙලෙස ඉන්ධන ලබා ගැනිමට පැමිණ තිබේ.
රෝහල් කාර්ය මණ්ඩලයඉන්ධන ලබා ගැනිමට පැමිණි පෝලිම විවිධ පුවරු ප්‍රදර්ශනය කරමින් නිහඩ විරෝධතාවයක නියලෙන අයුරු දැකගන්නට හැකිවිය.
මෙි පිලිබදව ඉන්ධන හලෙන් අප කල විමසිමකදි ඔවුන් පවසා සිටින්නේ කිසිදු වගකිව යුත්තෙකු තමා දැනුවත් නොකල බවත් එම නිසා මෙම තත්වය උදා වු බව පැවසීය.
කෑගල්ල පොලිසිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙි වන විටත් සාකච්ඡාකරමින් සිටින අයුරු අපට දැක ගන්නට ලැබිණි.
රඹුක්කන නයෝමි දිල්රුක්ෂි