සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට “විරු අභිමන්” රක්ෂණාවරණයක් පිරිනැමෙයි
කොවිඩ් 19 වසංගතයට එරෙහිව මෙහෙයුමේ යෙදී සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් “විරු අභිමන්” නමින් රු.ලක්ෂ 15ක රක්ෂණාවරණයක් ලබා දීමට කටයුතු කර ඇත.
මෙහිදී ජීවිත අහිමි වීමකදී රක්ෂණය හිමි දරුවන් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයාගේ පවුලකට රු.ලක්ෂ 15ක මුදලක් ද ,දරුවන් නොමැති පවුලකට සහ අවිවාහක අයෙකුට රු. ලක්ෂ 10 බැගින් ද ගෙවීමට කටයුතු කරනු ලබයි.
මෙමගින් ආවරණය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, උපසථායකයන්, රියදුරන්, සුළු සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් ඇතුලත්ය.
මෙරට ජනතාව වෙනුවෙන් අවධානම නොතකා සේවයේ යෙදෙන සෞඛ්‍ය සේවකයින් වෙනුවෙන් නොමිලේ පිරිනමනු ලබන ප්‍රථම සහ එකම රක්ෂණ ක්‍රමය මෙයයි.
මෙම රක්ෂණ වැඩපිළිවෙල යටතේ මුදල් අය කිරීමෙන් තොරව,රක්ෂණ සමාගමේ වෙන වෙනම ලියාපදිංචි වීමකින් තොරව ඒ ඒ තත්ත්වයන්ට මුහුණ දෙන සෞඛ්‍ය නිලධාරීන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම මත ගෙවීම් සිදු කෙරෙනු ඇත.
“විරු අභිමන්” සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය, සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත හඳුන්වා දීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්යන්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අමාත්‍යතුමියගේ පෞද්ගලික ලේකම් කංචන ජයරත්න යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

popular news
-
Don Thursday, 09 April 2020 05:54 PM
ජනතාවට මුඛවැස්ම පාවිච්චි කරන්න එපා කියල එයාලගේ සමහරු ඒවා දාගෙන වදපෙන්නනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

