ගාල්ල ජුල්ගහ ප්‍රදේශයේ පිහිටි හෝටලයක කෑම වර්ග ඉහළ පහළ රැගෙන යන විදුලි සෝපානයක් අලුත්වැඩියාකරමින් සිටි විදුලි කාර්මිකයෙකු එම සෝපානය කඩාවැටී හෝටලයේ සිව්වන මහළින් ඇදවැටිමෙන් බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළපසු ඊයේ (07දා) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මැලවතන්ත්රිගේ කපිල ජයශන්ත (61) නැමති ගාල්ල එලියට් පාරේ පදිංචි දෙදරුපියෙකි. මියගිය අයගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර් මරත්න මහතා විසින් කරාපිටිය ශික්ෂණ රෝහලේ දි ඊයේ (07) සිදුකරනු ලැබීය.
කාර්මික දෝෂයකට ලක්ව තිබූ මෙම විදුලි සෝපානය අලුත්වැඩියා කිරිම සදහා මොහු හෝටලයට පැමිණ ඇත. හෝටලයේ හතරවැනි තට්ටුවට නැග විදුලි සෝපානය අලුත්වැඩියා කරමින් සිටියදි විදුලි සෝපානය කඩා වැටි සෝපානයත් සමග බිමට ඇදවැටි ඇත. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
මියගිය විදුලි කාර්මිකයාගේ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර මහතා විසින් සිදුකරනු ලැබීය.ඉදිරිපත්වු සාක්ෂි හා වෛද්‍ය වාර් තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා සෝපානයෙන් ඇදවැටිමෙන් උදරයට හා හිසට සිදුවු තුවාල නිසා මෙම මරණයවී ඇති බවට තින්දු කළේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්