සේවක අයවැය දීමනා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් අදාළ පනත් කෙටුම්පත විිශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ සහ ජනමත විචාරණයක් මගින් සම්මත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් හතරක විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දු කතානායකවරයාට යොමු කරන බව අද (18) දැනුම් දුන්නේය.
පෞද්ගලික අංශයේ සේවක මධ්‍යස්ථානයේ ලේකම් දේවින්ද කෝදාගොඩ සහ වාණිජ හා කර්මාන්ත සෙවකයන්ගේ සංගමය මහලේකම් ළුස්. අමරසිංහ යන මහත්වරුන් විසින් ගොනුකර ඇති පෙත්සම් වල වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා කරුණු දක්වමින් සේවක අයවැය දීමනා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවෙනි වගන්තිය මගින් කිසිවිටෙකූ සේවක වැටුප් අඩු කළ නොහැකි බවට කම්කරු නීතියේ සඳහන් මූලික අයිතිය මෙම පනත් කෙටුම්පත මගින් කඩවි ඇති බවත් ඊට අමතරව මෙම පනත් කෙටුම්පත අතීතයට බලපාන ආකාරය කෙසේද? යන්න පිළිබඳ පැහැදිලි නිර්වචනයක් කර නොමැති බවත් පැවසීය.
මෙම තත්වය හේතුවෙන් සේවකයන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් මෙම පණත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගේ ඡන්දයෙන් සහ ජනමත් විචාරණයකින් සම්මත කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි නිතිඥ නුවන් බෝපගේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කරුණු දක්වමින් පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරයා ඉදිරිපත් කළ සැලකිරීම් කමිටු අවස්ථාවේදී සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බවත් මෙම පනත් කෙටුම්පත ගෙන ඒමේ මූලික අරමුණ වන්නේ සේවකයන්ගේ වැටුප්තල ඉහළ දැමීමට බවත් පැවසීය.
ඒ අනුව සමස්තයක් ලෙස ගත් කල මෙම පනත් කෙටුම්පත හේතුවෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව නැතැයිද ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා සඳහන් කළේය.
කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්වල තීන්දු කථානායකවරයාට යොමු කරන බව දැනුම් දුන්නේය.පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ස්වස්තික දේවේන්ද්‍ර සමඟ නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා පෙනී සිටියේ ය.