සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට රුවන්ඩාවෙන් විද්‍යාඥයන් පිරිසක් දිවයිනට
ශ්‍රී ලංකාවේ බඩඉරිඟු ඇතුළු අනෙකුත් වගාවන් අතරේ ශීඝ්‍රයෙන් පැතිර යන සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබා දීමට ඊයේ දින රුවන්ඩාවෙන් විද්‍යාඥයන් 06 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණි බවත් , ඔවුන්ට තම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් කටුනායක ගුවන් තොටුපළේ දී රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ පැවැත්වූ බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය .
මෙම රුවන්ඩා විද්‍යාඥයන් පිරිස ඊයේ දින පස්වරු 2.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , ඔවුන් මෙම සේනා දළඹුවන් වඩාත් පැතිර පවතින ප්‍රදේශ වෙත ගොස් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව සිටි බව ද වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .
මෙම විද්‍යාඥයන් පිරිස පිළිබඳව පැවැත්වූ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් ඔවුන් සමත් වූ බවත් , ඒ අනුව මෙම පිරිස වහාම සේනා දළඹුවන් පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම සදහා නිදහස් කර පිටත් කර හැරිය බවත් ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .
මෙම රුවන්ඩා ජාතික විද්‍යාඥයන් පිරිස සිය පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා රජය වෙත ලබා දීමෙන් පසුව අද දින ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
