සේනා අනුරාධපුරයෙත් වගා බ්ම් වනසයි
පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේනාදිරියාගම ආසිරිගම නාමල්පුර විශේෂෙන් හොරිවිල ගොවි කලාපය මෙම බඩඉරිඟු වගා කොට තිබේ .ගොවීහු පෙන්වා දෙන්නේ මින් කිසිදු කාලයක නොදැකපු සේනා නැමති දළඹු විශේෂය තම ගොවිබිම් ආක්‍රමණය කොට තිබෙන බවය.
හොරිවිල පාරම්පරික ගම්මානේ අක්කර තුන්සීයකට අධික භූමි ප්‍රමාණයක පිහිටි බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම පාහේ දළඹු ප්‍රහාරයට ලක්වෙමින් පවතින බව ඔවුහු පෙන්වා දෙති.
තම වගාබිම ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ කෘමි නාශක වර්ග විශාල වශයෙන් යෙදවුවද මෙම සේනා නැමති දළඹු විශේෂය මර්දනය වීමක් දකින්නට නොමැති බව බඩඉරිඟු ගොවීහු කියති.
කෘෂිකර්ම නිලධාරීන් මෙම ප්‍රදේශයට පැමිණ සොයාබලා විවිධ කෘමිනාශක වර්ග නිර්දේශ කරන බවත් ඒවා යෙද වුවද මෙම සතුන් මර්දනය නොවීම හේතුවෙන් ඇතැම් බඩඉරිඟු වගාවන් මේ වනවිටත් අතහැර දැමූ බව බඩඉරිඟු ගොවීහු පෙන්වා දෙති.
එක රැයකින් විශාල වශයෙන් මෙම ගස් ඔවුන්ගේ ආහාරයට ලක්වන බව ගොවීහු පෙන්වා දීම විශේෂත්වයකි.



popular news
-
rocky Wednesday, 26 December 2018 04:38 AM
සේනා දළඹුවා සමහර විට මිනිස් ආහාරයට ගත හැකි සත්ව විශේෂයක් විය හැකියි. උන්ගෙන් වෙනත් ප්‍රයෝජන ලබා ගැනීමට වුනත් පුළුවන්දැයි කියා පර්යේෂණ නොකරන්නේ ඇයි. ඔවුන් බෝ කිරීමෙන් අපට කිසියම් කර්මාන්තයක් ආරම්භ කල හැකිදැයි සොයා බලන්න. දේශීය වශයෙන් කොත්තු රොටි සහ `චයිනිස්` නිෂ්පාදන සඳහා යොදා ගැනීමට, එහෙම නැත් නම් ටින් වල අසුරා පිට රට යැවීමෙන් විශාල ආදායමක් ලබා ගැනීමට අපට පුළුවන් වේවි. පළමුවෙන්ම ඔවුන් දේශීය සම්පතක් වසයෙන් සලකා බැලිය යුතුයි!
Reply : 10 0
Maxx Wednesday, 16 January 2019 10:15 PM
කොරියන්,තායිවාන් ජාතිකයන් මෙන් ලාංකිකයන්ද වී වගාව අතහැර පනුවන්,ගැඩවිල්ලන්,කැරපොත්තන්,දලබුවන් බුදීමට හුරුවන දිනය ලංවී ඇත.උක්ත දලබුවා ආහාරයට ගත් බඩඉරිගු කරල් පවා විෂ සහිත බැවින් පුලුස්සා දැමීමට නියම කර තිබියදී "මොන දහජරාවක් වුනත් කම් නැතැයි මිනිස්සුන්ට කවා මුදල් ඉපයිය හැකිනම්" කියා ප්‍රකාෂ නිකුත්කරන ඇතැම් බලධරයින්ද සිටින කාලයේ උක්ත "rocky" පුදුමයක් නොවේ.නිකමට සිතන්න තමන් උදේ ආහාරය ගැනීමේදී ගෙබි කකුලක් එහෙම අහුවුනොත්?සේනා ආහාරයට ගෙන ජනතාව එයට හුරුවුවොත් සේනා නිමාවී දේශයට අවේනික සතුන්ද තර්ජනයට ලක්වේ.එය නීති විරොධී මෙන්ම vegetarian පුද්ගලයන්ද පිලිකෙව් කරයි.ඇතැම් දලබුවන් ගෙම්බන් කෙටිකාලීන හෝ දිගුකාලීන මරණය ලගාකල හැකි සත්ත්ව විශේෂ වෙයි.පාරිභොගිකයන් දැනටමත් ඈත්වී සිටීම යහපත් දෙයකි.කොත්තු යනු දකුනු ඉන්දීය පාරම්පරික ආහාරයක් වන අතර එයට ඔය ජරාවල් එක් කිරීමට යෝජනා කිරීමම පිරිසිදුව එම වෘත්තියේ නියලෙන්නන් හට කරන අපහාසයකි.chinese ද එසේමය.ලොවටම තර්ජනයක් වූ සත්ත්වයෙක් යලි "ටිං" කර ලොවටම යවන යොජනාවෙන් පෙනීයන්නේ මානව සංහතියට තර්ජනය වී ඇත්තේ දලබුවා නොව "rocky"නම් වූ තමන් බවයි.
Reply : 0 1
Maxx Wednesday, 16 January 2019 10:15 PM
හුදු "කන බණය"ම පවසන rocky ලා හට මතක් කලයුත්තේ දේශීය සම්පත් යනු ප්‍රථමයෙන්ම මෙරට ගොවියාගේ වී හා බඩ ඉරිගු වගාවන් මිස ඊනියා දලබුවන් නොවන බවයි.මෙයට විසදුම් ද පවතී.සේනා සෑම වගාවක්ම විනාශ නොකරයි.එම විනාශ නොකරන ශාකමය ආහාර විශේෂයකට ජනතාව ගෙනියා හැක.ආහාර හිගවීමෙන් සේනා තුරන් කල හැක.නමුත් එය ප්‍රයොගික නොවේ.අමෙරිකාව,රුසියාව,ජපානය මෙයට විකල්ප සොයාගෙන ඇත.එවා නම් ශාකයේ ජාන වෙනස් කර සේනා විරොධි කිරීම,සේනා ගේ ජාන වෙනස්කර නව විශේෂයකට මෙහෙයවීම,සේනා භක්ෂකයෙක් නිපදවීම යන්න වේ.ලංකික ගොවියා නොමග යවන "ඇමරිකන්" බඩඉරිගු ප්‍රචාර වලට නොරැවටෙන්න.සේනා මේක ඇමරිකන්ද,සිංහලද,දෙමලද, කියා නොදනී.මුලු ලොවටම තර්ජනයක් බැවින් එකාවන්ව එක්වී විසදුම් සොයමු.එලෙස බඩඉරිගු විශේෂයක් වේනම් පලමු විකල්පයට යා හැකි අතර දෙවන විකල්පය සනාථ කරයි.එනම් සේනා වැනි විනාෂයන්ට ඔරොත්තු දෙන බඩඉරිගු විශේෂයක් ලොව දියුනු ජාතීන් නිපදවා ඇති බවත් දියුනුව යනු එයම මිස "rockey"ගේ ගෝනි බිල්ලන් නොවන බවත්ය.
Reply : 0 2
Winil Tuesday, 22 January 2019 07:50 PM
සමස්ථ ලංකා ජාතික ඒකාබද්ධ ගොං සම්මේලන සභාපති කූට ගමයා හට පිස්සුද දන්නැ.. ඔය කියවන්නේ.ව්‍යසනයේ පෙරනිමිති යනු ප්‍රකාෂ නිකුත්කරන බලධරයින්ද හුදු "කන බණය"ම පවසන rocky ලා වැනි තමුන්ද යන්න වග ජීව විද්‍යාවේ හය හතර වත් නොදැන ඇමරිකන් දෙමුහුන් බීජ ගැන මඩ ප්‍රචාර ගසන්නන් ගෙන් විමසුවොත් උන්ට දීමට උත්තර නොමැත..!!!
Reply : 0 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
