පොළොන්නරුව වැලිකන්ද නවසේනපුර මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුනරුත්ථාපන රැඳවියන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකන්ද පොලිසිය පවසයි.
(26) උදෑසන ශාරීරික අභ්‍යාස වල නිරතවන අවස්ථාවේදී සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ශාරීරික අභ්‍යාස නිලධාරීන් සමග මෙසේ බහින්බස්වීම දුර දිග ගොස් ඇති බව සෙනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.
වයස අවුරුදු 36 සිට 46 දක්වා වයස් කාණ්ඩ වලට අයත් මෙම රැඳවියන් ඊයේ (30) තිස් වන දින වැලිකන්ද පොලිසිය මගින් මෙම රැඳවියන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මැයි මස අටවන (08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
වැලිකන්ද පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.