සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ඇල්කොහොල් නිශ්පාදන ආශ්රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වලවේ ගඟට මුසුව ඇති නිසා මිට දින කීපයක සිට වලවේ ගඟේ මසුන් මැරී ඇති බව වාර්තා වූ අතර එමෙන්ම අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ, ජල පිරිපහදු කටයුතු තාවකාලිකව විටින් විට නවතා දමන ලදී.
ඒ අනුව අද(26) පෙරවරුවේ සිටද ඒ කාරයෙන්ම යම් අපද්‍රව්‍ය ප්‍රමාණයක් නැවතත් වලවේ ගඟට මුසු වීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් නිසි පර්යේෂණ කටයුතු සිදුකරන තෙක් අද(26) උදැසන සිට නැවතත් අම්බලන්තොට ජල පිරිපහදුවේ පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙනු ලබනවා.
එමෙන්ම මේ තත්වය මත, පවතින පිරිපහදු කළ ජලප්රාමාණයෙන් අම්බලන්තොට ජල පිරිපහදුවෙන් ජලය සැපයෙන ප්‍රදේශයන්ට ලබාදීමට හැක්කේ තව පැය තුනක පමණ කාලයක් බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙනු ලබනවා, කෙසේ නමුත් එය ස්ථිර වශයෙන්ම කිව නොහැකිබවත් යම් හෙයකින් මෙම තත්වය යථා තත්වයට පත්කර ගැනීමට හැකි වුවහොත් නැවතත් යථා පරිදි ජල පිරිපහදු කටයුතු සිදුකිරීමටත් අඛණ්ඩව ජල බෙදාහැරීම් කටයුතු සිදුකිරීමටත් කටයුතු කරන බව එහි නිලධාරියෙකු කියා සිටියේය. කෙසේ නමුත් අරපිරිමැස්මෙන් යුතුව ජලය භාවිත කරන ලෙස එම කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා .


