සෙත්සිරිපාය තෙවැනි අදියර ඉදිකිරීම් කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය
රජයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල කාර්යාල පහසුකම් සඳහා පවතින ඉහළ ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ක්‍රියාත්මක වන සෙත්සිරිපාය අදියර III ව්‍යාපෘතියේ ඉතිරි ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2021 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මූලික ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 16.7ක් වූ අතර, මහල් තුනක් ඉදිකිරීමෙන් අනතුරුව රටේ පැවති ආර්ථික අර්බුදය, අමුද්‍රව්‍ය හිඟය, ආනයන සීමා සහ ඉදිකිරීම් පිරිවැය ඉහළ යාම හේතුවෙන් එය තාවකාලිකව අත්හිටුවා තිබිණි.
ඒ අනුව, ව්‍යාපෘතිය ඒකාබද්ධ මූල්‍යකරණයෙන් යුතු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති අතර, බලශක්ති අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ නාගරික සංවර්ධන අධිකාරිය වෙත වෙන් කිරීමට යෝජිත කාර්යාල ඉඩකඩට සමානුපාතිකව මූල්‍ය දායකත්වය ලබාදීමට නියමිතය.
ව්‍යාපෘතියේ මේ දක්වා දරා ඇති වියදම්, ඉතිරි ඉදිකිරීම්, අනෙකුත් වියදම් සහ බදු ඇතුළුව සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියන 38.48ක් ලෙස ගණනය කර ඇත.ඉතිරි ඉදිකිරීම් කටයුතු සඳහා මුල් කොන්ත්‍රාත්කරු වන M/s Maga Engineering (Pvt) Ltd විසින් ඉදිරිපත් කළ තාක්ෂණික හා මූල්‍ය යෝජනාව විචලන සමාලෝචන කමිටුව විසින් ඇගයීමෙන් අනතුරුව, රුපියල් බිලියන 22.76ක මුදලකට එම කටයුතු අවසන් කිරීමට එකඟතාව පළ කර තිබේ.
ඒ අනුව, මේ වන විට නිමකර ඇති වැඩවල වටිනාකම සහ පියවිය යුතු ගෙවීම්ද ඇතුළත්ව රුපියල් බිලියන 25.58ක මුදලකට M/s Maga Engineering (Pvt) Ltd සමඟ සංශෝධිත ගිවිසුමකට එළඹීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
