සූර්ය විදුලි බලය සඳහා බදු සහන ඉල්ලයි
වහල මත සූර්ය පැනල් සවිකර විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ 2011 වසරේ ආරම්භ වුවත්, ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය නිසි ලෙස නොලැබීම නිසා එම වැඩපිළිවෙළ නිසි ලෙස ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබෙන බව සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමයේ සඳහන් කරයි.
වැඩපිළිවෙළ සඳහා නිසි ලෙස රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට කටයුතු නොකළත් ජනතාව විසින් වහල මත සවිකර ගත් පැනල් මගින් මේ වනවිට මෙගාවොට් හාරසිය විස්සක පමණ විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට ලබාදෙන බවද එම සංගමයේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
එහෙත් විදුලිය විසන්දි වන අවස්ථාවේදී සූර්ය පැනල් මගින් නිෂ්පාදනය කරන විදුලිය ජාතික පද්ධතියට ලබාගැනීමට වැඩපිළිවෙළක් නොමැති බවත්, මේ නිසා ඒ සඳහාත් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.
සූර්ය පැනල් සඳහා සුළු බදු මුදලක් අය කළද, අනෙකුත් උපංග සඳහා අධික බදු මුදලක් අය කර ගන්නා බවත්, ආරෝපිත බැටරිය සඳහාත් අධික බදු මුදලක් අය කර ගන්නා බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මේ නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව 2030 වසර වනවිට පුනර්ජනනීය බලශක්තිය 70%ක් දක්වා ඉහළ දමා ගැනීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් මේ සඳහා බදු සහන ලබාදී ජනතාව මේ සඳහා උනන්දු කිරීම සඳහා රට තුළ විශේෂ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
පවතින ඩොලර් අර්බුදය නිසා සූර්ය පැනල් ගෙන්වීම සීමා වී තිබෙන බවත්, ආරම්භයේදී සූර්ය පැනල් හා උපංග ගෙන්වීම කටයුතු සමාගම් පනහකින් පමණ සිදුවූවත් මේ වනවිට අදාළ කටයුතු සිදුකරනු ලබන්නේ, ආයතන පහක් හයක් වැනි ප්‍රමාණයකින් බවත් ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමේ වියදම් සලකා බැලීමේදී ගල් අඟුරුවලින් ඒකකයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 32ක් හා ඩීසල්වලින් රුපියල් 50ක් වැනි මුදලක් වියදම් වන බවත්, එහෙත් සූර්ය බලශක්තියෙන් රුපියල් 18ක මුදලකට ඒකකයක් නිෂ්පාදනය කිරීමට සකස් කළ හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
සූර්ය පැනල් වැඩපිළිවෙළට බදු සහන නොලැබීම නිසා කිලෝවොට් 05ක් නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය පැනල් සවිකර ගැනීමට රුපියල් ලක්ෂ දහයකට අධික මුදලක් වියදම් වීම බවත් මේ නිසා බදු සහන අනිවාර්යයෙන්ම මෙම වැඩපිළිවෙළට අවශ්‍ය බවද ලේකම්වරයා ප්‍රකාශ කළේය.

popular news
-
Kumar Friday, 04 March 2022 05:44 PM
lankawe suriyakosha gana sithanne amuth widhiyakatayi. viduliya visandhi vuna awasthawal suryakosha viduliyath visandhi venna oney. nathinam aluthwadiyawak karana vidulibalamandalaye saywakayanta vidulisara wadhi jivithaksahaya pathwenn puluwani. californiawe siduwenne ema kramayatayi. suryakoshawalin kalahakke wiyadama adhika vidulibalagara pawichiya hakiawasthawala awama kirimayi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

