සූර්ය බලයෙන් මෙගාවොට් 4000ක් නිපදවන්න අවසර දී නෑ
රට තුළ විශාල විදුලි අර්බුදයක් ඇති වී තිබියදී සූර්ය කෝෂ හරහා විදුලිය නිෂ්පාදනය කිරීමට අවසර ඉල්ලා විදුලිබල අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබෙන අයදුම් පත් 1,200ක පමණ ප්‍රමාණයෙන් කිසිදු අයදුම් පත්රයකට තවමත් අවසර ලබාදී නොමැති බව කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ඉල්ලුම් පත මගින් මෙගාවොට් 4,000කට ආසන්න විදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන බවත්, අදාළ ඉල්ලුම්පත් පසුගිය ආණ්ඩු සමයේ සිට මේ දක්වා කාලය තුළ ඉදිරිපත් කර තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා පැවසීය.
මීට අමතරව දැනටමත් කර්මාන්ත ශාල සියයකට ආසන්න ප්‍රමාණයක වහල මත සූර්ය කෝෂ මගින් විදුලිය නිෂ්පාදන කටයතු සිදුකරන බවත්, මේ අනුව අදාළ කර්මාන්ත ශලාවල වහල මත තිබෙන සූර්ය කෝෂ මගින් වැඩිපුර නිෂ්පාදනය වන විදුලිය ලබාගැනීමටවත් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.
මෙම කර්මාන්ත ශාලාවලින් දහවල් කාලයේදී ජාතික විදුලි පද්ධතියට විදුලි ලබාගෙන රාත්‍රී කාලයේදී ජාතික පද්ධතියෙන් කර්මාන්ත ශාලවලට විදුලිය ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද සභාපතිවරයා සඳහන් කළේය.
අයදුම්පත් යොමු කර තිබෙන පිරිස්වලට අදාළ අවසරය ලබාදීමට කටයුතු කළහොත් මාස හයක් තුළ ජාතික පද්ධතියට විදුලිය ලබාදීමට හැකියාව තිබෙන බවත්, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර, ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන්නේ, සවස 6.00 සිට පසුදා උදෑසන 6.00 දක්වා කාලයක් පමණක් බවත් හෙතෙම අවධාරණය කළේය.
එහෙත් බලධාරීන් වැඩි උනන්දුවක් දක්වන්නේ, පැය 24 පුරම ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර, ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරීමට බවත්, මේ නිසා ජනතාවට විදුලි අර්බුදයකට මුහුණුදීමට සිදුව තිබෙන බවත් පවසා සිටි සභාපතිවරයා, මෙම විදුලි අර්බුදය නිසා කාර්මාන්ත ශාලා පවත්වාගෙන යාම විශාල අර්බුදයක් බවට පත්ව තිබෙන බවද පැවසීය.
මෙම අර්බුදය නිසා ඉදිරියේදී විශාල පිරිසකට රැකියා අහිමි විය හැකි බවත්, අපනයන නිෂ්පාදන අඩු වී ඩොලර් ආදායම අඩු විය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
popular news
-
LGPJ Thursday, 24 February 2022 04:03 AM
Solar Power. Wind resources and Sea tides are not for the Sri Lanka !!!
Reply : 0 4
කලුවර ගෙදර Thursday, 24 February 2022 11:43 AM
මෙම කටයුත්ත කරන්න කියලා විදුලි බල මණ්ඩලයේ බලධාරීන්ට නියම කරන්න නොකරන්නේ නම් එම අයට විරුද්ධව විනයානුකූලව හෝ අධිකරණය මගින් දඩුවමක් දෙන්න එහෙම නොකර පුද්ගලික වාසිතකා කටයුතු කරන එවුන් එක්ක රටක් හදන්න බැහැ (මම අහල තියෙනවා රටේ වැරදි කරන්නෙ කවුද චීනය උන්ට උපරිමයෙන් දඩුවම් දෙනවා කියලා මෙහෙත් එහෙම කරන්න බැරිද )
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

