බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වෙමින් ඉන්දීය බලශක්ති, නිවාස හා නාගරික කටයුතු අමාත්‍ය ශ්‍රී මනෝහර් ලාල් කට්ටාර් (Manohar Lal Khattar) සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ශ්‍රී ප්‍රලාද් ජෝෂි (Shri Pralhad Joshi) යන මහත්වරුන් හමුවී දෙරට අතර බලශක්ති සහයෝගීතාව වර්ධනය කිරීම, දැනට ඉන්දියාව සමග මෙරට ආරම්භ කර ඇති ව්‍යාපෘති වල ප්‍රගතිය මෙන්ම අනාගත ආයෝජන අවස්ථා පිළිබදවත් සාකච්ඡාවක නියැළිණි.
විශේෂයෙන්ම ඉන්දියානු පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා සමග ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය සදහා අවම මිලක් ලබාගැනීම සදහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේදයන් ඇතුලු කරුණු රැසක්ද මෙරට සූර්ය පැනල නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සදහා අවශ්‍ය සහයෝගය ලබාගැනීම සදහා මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්රයේ වැඩිදුර පුහුණු අවස්ථා ලාංකිකයන්ට ලබාගැනීම පිළිබදව අවධානය යොමුකරමින් සාකච්ඡා කරන ලද අතර ඒ අනුව මූලික එකගතා කීපයක් ඇති කර ගැනීමටද හැකිවිය. බලශක්ති ක්ෂේත්රයේ ආයතන ව්‍යුහයන් සම්බන්ධ ඉන්දියානු අත්දැකීම් පිළිබදවද බලශක්ති අරමුණු ඉටුකර ගැනීමෙහිලා එකී ආයතන ව්‍යුහයන් තුළ කාර්යක්ෂමතාව වර්ධනය කරගැනීමට ගත හැකි පියවර පිළිබදවද තවදුරටත් සාකච්ඡා කරනු ලැබිණි.
ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කළ බලශක්ති සංක්‍රාන්ති සමුළුව සහ ප්‍රදර්ශනය පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවති අතර ඊට බලශක්ති අමාත්‍යවරයාගේ සහභාගීත්වය හා එයට සමගාමීව ඉහත සාකච්ඡා සංවිධානය කෙරිණි.
