අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී තිබෙන සූකර (ඌරන් ) කර්මාන්තය නගා සිටුවීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වාර්තා වූ අප්‍රිකානු සූකර උණ රෝගය මුලින් බස්නාහිර පළාතේ ඌරු කොටුවලින් වර්තා වූ අතර මේ වන විට මෙම රෝගය සියලුම පළාත්වලට පැතිර ගොස් තිබේ.
මේ අනුව ගොවිපළවල් 1594කින් මෙම රෝගය වාර්තා වී තිබේ. ඌරන් හැට 61695ක් රෝගය නිසා මේ වන විට මරණයට පත් වී තිබේ.
මෙම රෝගය වනාන්තර ආශ්‍රිතව සිටින වල් ඌරන්ටත් පැතිර ගොස් තිබෙන අතර මේ අනුව වල් ඌරන්ද යම් ප්‍රමාණයක් මරණයට පත් වී ඇත.
රෝග ව්‍යප්තිය හා රෝගකාරක වෛරසය පරිසරයෙහි සංසරණය වීම හේතුවෙන් නැවත ඌරු ගොවිපළවල් ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයක පවතී.
මේ නිසා ඌරු ගොවිපළවල් නැවත සකස් කිරීමට අදාළ ක්‍රියා මාර්ග ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශ ලේකම් හා ජනාධිපති අතිරේක ලේකම් ( සංවර්ධන පරිපාලන) සම සභාපතිත්වයෙන් යුත් කාර්ය සාධක බළකායක් පිහිටු වීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.