පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය විසින් කරන ලද චෝදනාවන්ට විරෝධය පළ කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
සිරිල් ගාමිණි පියතුමා සහ වෙනත් අය සිදුකර ඇති එම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ එම සියලු චෝදනා සම්පූර්ණයෙන් ම අසත්‍ය බවටයි.
තමා කිසිදු තත්ත්වයක් යටතේ කිසි දිනක සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සමග කිසියම් හෝ ආකාරයක සන්නිවේදනයක් සිදුකර නොමැති බව ද රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා පවසා සිටියි.