මහරගම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් තුළ ලණුවකින් ගෙළ වැළලාගෙන මිය ගිය බව කියන සුරූපී නර්තන ශිල්පිනියගේ මරණය සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහරගම පොලිසිය කියයි
මෙලෙස මියගොස් තිබුණේ අඹගස්වැව ,හිරියාල, තරණ ගොල්ල පදිංචිව සිටි අභයකෝන් මුදියන්සේලාගේ ඉවන්තිකා කුමාරි හේරත් නැමැති 28 හැවිරිදි කාන්තාවකි.
මහරගම සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක නිවසක කාමරයක ගෙල වැල ලාගෙන සිටි කාන්තාවකගේ සිරුර ගෙල වැලලාගෙන සිටි ලනුවෙන් මුදාගෙන පුද්ගලයකු රෝහලට රැගෙන ගිය බවට ඊයේ (12) රාත්‍රී දුරකථන ඇමතුමක් ලැබුණ බව ෙපොලිසිය කියයි.
එම පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා එම නිවාස සංකීර්ණයට ගොස් විමර්ශන ආරම්භ කර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් ද කැඳවා විශේෂඥ විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.
ගෙල වැල ලාගෙන සිටි කාන්තාව කළුබෝවිල රෝහලට රැගෙන ගිය පුද්ගලයා එම රෝහලේ සිටින බවට පොලිසියට ලද තොරතුරක් අනුව රෝහල කරා පොලිස් නිලධාරියෙකු පිටත්කර එම පුද්ගලයා ද නිවාස සංකීර්ණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබේ.
එම කාන්තාව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබූ බව එම පුද්ගලයා ලබාදුන් මූලික ප්‍රකාශයක සඳහන් වේ. නිකවැරටිය මිල්ලගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන එම පුද්ගලයා ව්‍යාපාර කටයුතුවල නියැළෙන්නේක් බවත් දරුවන් තිදෙනකු සිටින විවාහක පුද්ගලයෙක් බවත් පොලිසිය කියයි.
ඔහු මියගිය කාන්තාව සමග මීට මාස දහයකට පමණ පෙර අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබූ අතර එකී කාලයේ සිට මාසිකව රුපියල් 30000 ක කුලී මුදලකට සුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාගෙන එම කාන්තාව පදිංචිකරවා තිබූ බව පොලිසිය කියයි.
එම පුද්ගලයා දින කිහිපයකට වරක් එම නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන තිබූ බව පොලිසිය කියයි. මියගොස් සිටින කාන්තාව ද විවාහයෙන් දික්කසාද වූ තැනැත්තියක් බවත් මීට වසර 5කට පෙර සිය ගම් ප්‍රදේශයෙන් පිටත්ව කොළඹ ප්‍රදේශයේ විවිධ රැකියාවන්වල නිරත ව සිට ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කාන්තාව ගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය. මහරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් කේ රත්නසිංහම් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.


