සුරාබදු සමාගම් 16කින් රු. කෝටි 1105 ක අදායමක්
මෙකි මත්පැන් සමාගම වෙතින් හිග සුරාබදු මුදල් වශයෙන් අයවිමට ඇති බදු මුදල රුපියල් හාරසියඅසුතුන්කෝටි, අනුපන්ලක්ෂ, හැත්තැහයදහස්එකසියඅටකි. (4,839,576,108) එදිනට හිග බදු මුදල් මත අයවිය යුතු අධිභාර මුදල රුපියල් හයසියවිස්එක්කොටි, හැටහත්ලක්ෂ, පනස්නමදහස්, පන්සියදාහතරකි. (6,216,759,514) සුරාබදු නිෂ්පාදන බලපත්‍ර යටතේ මත්පැන් නිෂ්පාදනය කොට බෙදාහරිනු ලබන ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගම විසින් මහජනතාවගෙන් අයකරගෙන එහෙත් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය නොකළ බදු මුදල රුපියල් තුන්සියවිසිඅටකෝටි, විසිනමලක්ෂ,හතලිස්එක්දහස්අසුඅටක් බවද විගණන වාර්තාවේ සදහන් වේ. (3,282,941,088) අධිභාර මුදල රුපියල් තුන්සියහැත්තැඅටකෝටි,අසුලක්ෂ,තිස්හතරදහස්,හත්සියපනස්පහකි. (3,788,034,755)
එමෙන්ම පින්ලන්ඩ් සමාගම විසින් රුපියල් පන්සියදාහත්කෝටි,හත්ලක්ෂ,හැත්තැපන්දහස්,හයසියපනස්පහක (517,775,655) හිගසුරාබදු මුදල් හා අධිභාර මුදල් ගෙවිම පැහැර හැර ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. සුරාබදු දෙපාර්තමේන්තුවේ 2025 වර්ෂයට අදාළව ඇතුළත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

