සුරා බදු දෙපාර්තමේන්තුව 500ක් අත්අඩංගුවට ගනියි
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනම ආවරණය වන ආකාරයට සිදුකළ වැටලීම් 501කදී සැකකරුවන් පන්සියයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙහිදී රුපියල් ලක්ෂ හතළිහකට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී මත්පැන්, ගෝඩා සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙන බවද සුරාබදු දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.
වෙසක් පොහොය දිනය වෙනුවෙන් සුරාසැල් වසා තැබීම පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වූ අතර, මීට සමගාමීව දිවයින පුරා විශේෂ මෙහෙයුම් දියත් කළ බවත් සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.

popular news
-
ලසන්ත Monday, 20 May 2019 07:05 AM
අපි පිරිසක් සමග වෙසක් දිනට පසුදින එනම් 19 ඉරිදා කිරිඇල්ලේ නැදුන් විහාරය වැඳ සවස 5 ත් 6 ත් අතර කාලයේ හිඳුරංගල අරෑපොල පාරේ දෙහිඕවිටට යාමටපැමිනියා.ඒ වෙලාවේ හිඳුරංගල තැපැල් කාර්යාලයට දකුණු පැත්තේ අලුතින් ඉදිකර ඇති නිවස ඉදිරිපිට පාරෙන් අනෙක්පස මිනිසුන් 15ක් 20 ක් පමන රැස්වී සිටිනු දුටුවෙමු එහි දන්සැලක්වත් නොතිබුන නිසා එතැනින් ටික දුරක් පැමිනි අපි ඒගැන විමසීමේදී දැනගන්නට ලැබුනේ එතැන සෑම දිනම උදේ හා සවස එසේ සිටින බවත් එහි සිටින්නේ කසිප්පුබීමට පැමිනෙන අය බවත්ය ඇස් ඇත්තෝ දකිත්වා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

