ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ බිරිඳ වන සුමිත්රා පීරිස් මහත්මිය අභාවප්රාප්ත වී තිබේ. ලංකාවේ පළමු චිත්රපට නිෂ්පාදිකාව ලෙසද ඇය සැලකෙයි.
කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී ඇය අද පෙරවරුවේ අභාවප්රාප්ත වි ඇති අතර ඒ වන විට ඇයගේ වයස අවුරුදු 88ක් වූවාය.
ගැහැණු ළමයි, ගඟ අද්දර, යහලුවෝ, මායා, සක්මන් මළුව වැනි සිනමා කෘති සඳහා ඇය සිය දායකත්වය ලබාදුන්නාය. එසේම ඇය ප්රංශය, ස්පාඤ්ඤය වැනි රටවල ශ්රී ලංකාවේ තානාපතිවරිය ලෙසත් සේවය කළාය.