ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරි තත්ත්වය විසඳිම වෙනුවෙන් රාජපක්ෂවරුන් ඉන්දීය හමුදා ඉල්ලා සිටියි නම් ඉන්දියාව විසින් සිය හමුදා ශ්‍රි ලංකාව වෙත පිටත් කර හැරිය යුතු බවට ඉන්දිය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් මෙන්ම ඉන්දියාවේ හිටපු අමාත්‍යවරයෙක්ද වන සුබ්‍රමනියම් ස්වාමි ඊයේ සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පැවැසීය.
කෙසේ වෙතත් ශ්‍රි ලංකාවේ පිහිටි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය ඊයේ සිය ට්විටර් ගණුමෙන් ප්‍රකාශ කළේ ඉන්දියාව විසින් සිය හමුදා ශ්‍රී ලංකාවට එවීමට කටයුතු නොකරන බවයි.
එසේම ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවට ඇතැම් මාධ්‍ය තුළ හා සමාජ මාධ්‍ය තුළ පළවූ වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ ශ්‍රි ලංකා ජනතාව ඉල්ලා සිටින සෞභාග්‍ය වෙනුවෙන් ඉන්දියාව පෙනි සිටින බවත් එම ට්විටර් පණිවිඩයේ දැක්වෙයි.