කොම්පඤ්ඤ වීදිය සුපිරි අවන්හලක 30 වෙනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් අද (15දා) අලුයම වටලා තරුණියක් ඇතුළු සිව් දෙනෙක් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි.
සැකකරුවන් සමග කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් හා ඩාන්සින් ටැබ්ලට් යනුවෙන් හඳුන්වන මත් පෙත්තක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම සාදය මුහුණු පොත හරහා සංවිධානය පද්දකි. මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
සිවිල් ඇඳුමින් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් එම සාදය වැටලීම සඳහා ගිය අවස්ථාවේදී බහුතරයක් පුද්ගලයන් මත්ව සිටි අතර ආවේක්ෂණ රාජකාරි සිදු කරමින් මත්ද්‍රව්‍ය සන්තකේ තිබෙන පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් පමණක් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.
කඩවත ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙම සුපිරි අවන්හලේ උත්සව ශාලාව රුපියල් ලක්ෂ 5 කට කුලියට ගෙන සාදය සංවිධානය කර තිබූ බව පොලිසිය කියයි.
මුහුණු පොත හරහා සංවිධානය කර තිබූ මෙම සාදය සඳහා සහභාගිවීමට රුපියල් 5000 ක මුදලක් අයකර ගෙන ඇති අතර ඒ සඳහා සහභාගි වී ඇත්තේ ඇති හැකි ධනවත් පුද්ගලයන්ගේ දරුවන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායිකාවක් ද සාදයේ ගී ගැයීම සඳහා ආරාධනා කර තිබූ බවට තොරතුරු වාර්තා වූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මෙම සාදය සඳහා සහභාගී වූවන්ට මෙම ස්ථානයේ දී මත්පැන් බෝතලයක් අලෙවි කර ඇති අවම මුදල රුපියල් 28 දහසක් බවත් ඊට අමතරව කොකේන් මත්ද්‍රව්‍ය ගෑම් එකක් රුපියල් පනස්දාහක් සහ මත් පෙත්තක් රුපියල් පන්දහසක් වැනි මිලකට අලෙවි කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.