සුප්‍රීම් සැට් සමාගම සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට ලබාදුන් තොරතුරු
නිවැරදි නොවන බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ඔහු පැවැසුවේ මෙම ප්‍රශ්ණය ඇසීමත් සමගින් යටගිය බොහෝ තොරතුරු හෙළිවන බවත් ඔහු පැවැසීය. සුප්‍රිම්
සැට් සමාගමේ ආදායම සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබා දි නොමැති බවද ඔහු පැවැසීය.
සුප්‍රීම් සැට් සමාගමේ ආදායම මිලියන 342ක් බවද ඔහු පැවැසීය. සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට ඩොලර් මිලියන 300ක වියදමක් දරා ඇති බවත් එම වියදම දැරුවේ කවුරුන්ද යන්න හොයන බවත් අමාත්‍යවරයා පැවැසීය.
"යවපු සැටලයිට් එක හොයන්න නෑ. චිචී සාක්ෂියක් දීලා තියෙනවා මම මේක දන්නේ නෑ. මම කළේ දේශපාලන වැඩක් කියලා. නඩුව තියෙන නිසා සාක්ෂිය පස්සේ බේර ගමු. සැටලයිට් එක ගැන ඇඳුන නිසා දැන් මේක ගැන හොයන්නම වෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.