පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය හා පොල් කෘමි හානි මර්දනය කිරීම සඳහා ඉන්දුනීසියාව භාවිත කරන ක්‍රමවේද භාවිත කිරීමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම රෝග මර්දනය කර පොල් වගාව දියුණු කිරීමට ඉන්දුනීසියාව අනුගමනය කරන ක්‍රමවේද සහ තාක්ෂණය ලබා දෙන්නැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉන්දුනීසියානු තානාපතිනිය දේවී ගස්ටිනා තෝබීන් මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබිණ.
මේ අනුව තම රට යොදා ගන්නා තාක්ෂණික ක්‍රමවේද සහ පිළියම් මෙරට පොල් වගාව ආශ්‍රිතව පැතිර යන සුදු මැස්සා රෝගය මර්දනය කිරීම සඳහා ලබාදීමට හැකි බව
ඉන්දුනීසියානු තානාපතිනි දේවි ගස්ටිනා තෝබින් ( Dewi Gustina Tobing) මහත්මිය අමාත්‍යවරයාට පොරොන්දු වී තිබේ.
මේ පිළිබඳව ඊයේ (17දා) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත් වූ බවත් එහිදී තානාපතිනිය මෙම පොරොන්දුව ලබා දුන් බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම අමාත්‍යවරයාගේ ඉල්ලීමට අනුව නියමු ව්‍යාපෘතියක් ලෙස, හෙක්ටයාර 1-5 අතර භූමියක ඉන්දුනීසියාවේ භාවිත කරන දෙමුහුන් පොහොර යොදා පොල් වගාවක් සිදුකිරීමටද මෙම සාකච්ඡාවේදී එකඟතාවව පළවු බව පෙන්වා දෙයි.
පොල් වගාවේ දියුණුව මෙන්ම පොල් කර්මාන්ත ආශ්‍රිතව දියුණුව උදෙසා දෙරට අතර තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමටත් අමාත්‍යවරයා සහ තානාපතිනිය අතර එකඟතාව පළ වි තිබේ.
මෙරට ප්‍රධාන අපනයන බෝගයක් ලෙස පොල් වගාව ඉහළ තැනක තිබුණද අද එය පහළ වැටී ඇති බවද ඉදිරි වසර පහක කාලයෙහි පොල්වලින් ලබා ගන්නා අපනයන ආදායම ඉහළ නැංවීමට කටයුතු කරගෙන යන බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී අවධාරණය කළේය.