ඉන්ධන මිල සංශෝධනය කිරීමත් සමග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලංකා සුදු ඩීසල් හා භූමිතෙල් හරහා අලාභ ලබන තත්ත්වයට පත්ව තිබේ.
මේ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයකින් ශත 89ක් හා භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.95ක් සංස්ථාව අලාභ ලබයි.
කෙසේ වෙතත් පෙට්‍රල් 92 ලීටරයකින් ශත 0.02ක්, පෙට්‍රල් 95 ලීටරයකින් ශත 98ක් හා සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 9.86ක සුළු ලාභයක් සංස්ථාව ලබන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ දත්ත සටහනක දැක්වෙයි.
කෙසේ වෙතත් සියලුම ඉන්ධන මත රජය පනවා ඇති බදු අනුව රජයට ඉන්ධන බදු මත විශල ආදායමක් ලැබෙන බව එම දත්ත සටහන අනුව පැහැදිලි වෙයි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 77.95ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 100.17ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 51.73ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 73.62ක් හා භූමිතෙල් ලිටරයකින් රුපියල් 3.72ක් ලෙස රජයට බදු අයවෙයි.