දිවයිනේ සම්මාන දිනූ කසල කළමනාකරණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නැවතීම දිස්ත්‍රික්ක ගණනාවක ලැබෙන කුණු කසල සියල්ල මහ වනයට මුදා හැරීම නිසා නැවතත් වන සතුන් අලි ඇතුන් කසල ආහාරයට ගැනීම සිදුවන බව දඹුල්ලේ ජනතාව පෙන්වා දෙති.
කාලයක සිට දඹුල්ල නගරයේ ඉවත් කරන කැලි කසල දිගම්පතහා රජයේ රක්ෂිතයට ගෙනවිත් දැමීම හේතුවෙන් මහා පරිසර විනාශයක් වන සතුන් විනාශ යක් සිදුවූ වෙමින් පැවතිණිි.
මේ පිළිබඳව දිගින් දිගටම ජනමාධ්‍ය හරහා පරිසරවේදීන් නගන විරෝධතාවයන් සැලකිල්ලට ගෙන එකට දඹුල්ල මහ නගර සභාව මැදිහත්ව ඒකාබද්ධ කසල කළමනාකරණ ව්‍යාපෘතියක් ආරම්භ කෙරිණි
මෙහි කාබනික පොහොර නිෂ්පාදනය රෝහල් අපද්‍රව්‍යය සහ පොලිතීන් තාප දාහකය මල අපද්‍රව්‍ය ය කළමනාකරණය ආදී වැඩසටහන් රැසක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ අතර පිවිතුරු අරණ නමින් නම්කොට විදේශීය රටවල සහ අනෙකුත් පළාත් පාලන ආයතන දිවයිනේ පාසල් සිසුන් ආදී බොහෝ දෙනෙකුගේ නිරීක්ෂණයට පවා ලක්වීම විශේෂත්වයකි.
සංචාරක කලාපයක් ලෙස නම්කොට අලි ඇතුන් නැරඹීම සඳහා විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන පවා මෙහි ක්‍රියාත්මක විය . එම පිවිතුරු අරණේ ඇති සියළුම ඉදිකිරීම් කසල කළමනාකරණයන් මෙන්ම කාබනික පොහොර නිෂ්පාදනයද සම්පූර්ණයෙන්ම මේවන විට නැවතී එකතු කරන සහ ලැබෙන සියළුම කසල නැවතත් දිගම්පත හා රක්ෂිතයට ගෙනවිත් දැමීම සිදුවේ.
මේ දිනවල වන අලින් ඒවා ආහාරයට ගන්නා අයුරුදු 18 දින උදෑසන අපට දැකගැනීමට හැකි විය. දඹුල්ල නගරය තුළ ඉවත් කරන කැලිකසල සියල්ලම කළමනාකරණයෙන් යුතුව ලබා ගනී බොහෝ අපද්‍රව්‍ය පොලිතීන් සහියලු දෑ වනයට මුදා හැරීම නිරීක්ෂණය වීම විශේෂත්වයකි.
පසුගිය කාලයේ ජපාන තාක්ෂණයෙන් රුපියල් මිලියන 650ක පමණ මූල්‍ය පිරිවැයක් දරමින් මෙම කසල ඒකාබද්ධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි. එහි සංචාරක නැරඹුම් මධ්‍යස්ථානය අතරමග නැවතී තිබේ. වන අලින්ට කසළ අංගනයට ඇතුළු වීමට නොහැකි වන සේ සවිකොට තිබූ යකඩයක් අලි වැටද කඩා දමා තිබේ. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වගා කර තිබුණු උණ වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ගොඩවල් තැන තැන විනාශවීම විශේෂත්වයකි, ස චාරකයන්ට කසළ අංගනය සහ වන අලින් නැරඹීම සඳහා ගෙනැවී තිබූ විදුලි යාන්ත්‍රික වාහන දෙක දිරා යමින් පවතී. මෙම බරපතල ප්රශ්නය වන්නේ පහුගිය කාලයේ සිටම ගම්පොළ,මාතලේ, මහනුවර, අනුරාධපුර, මෙන්ම අත්තනගල්ල යන දුර බැහැර ප්‍රාදේශීය සභා නගර සභාවලින් කැලිකසල මේ ස්ථානයට ලබාදීම සිදුකරන්නට විය.
ඇතැම් නගර සභා සහ ප්‍රාදේශීය සභා මෙවන විට දඹුල්ල අංගනයට කසල ගෙන එම නැවතා ඇතත් මාතලේ දිස්ත්‍රික්කයේ බොහෝ පළාත් පාලන ආයතන තවමත් එම ඉවතළන ද්‍රව්‍යය රැගෙන එන්නේ මෙම ස්ථානයට වීම විශේෂත්වයකි.
එම නගරවල රැගෙන එන කුණු කසලද මේ වන විට දිගම්පත හා රක්ෂිතයේ නිකන් එළිමහනේ දැමීම සිදුවේ. කාලයක පටන් සිදුවීම් නිසාවෙන් විශාල මූල්‍ය අපරාධයක් මෙන්ම කසල කළමනාකාරයක් නොමැති වීම විශේෂත්වයෙකි.
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති වසන්ත කේ රාජමන්ත්රී මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ පසුගිය පාලන සමයේ කිසිදු කළමනාකරණයකින් තොරව සිදු කරන ලද ව්‍යාපෘතියක් බවය,මෙය හිතා මතා කඩාකප්පල් කරන්නට ඇති බවද පැවසිය , කෙසේ වෙතත් මේ වන විට පවත්වාගෙන යෑමට නොහැකි වී ඇත්තේ ඉහල කළමනාකරණ සේවක පුරප්පාඩු ඇති බවය ,පරිසර නිලධාරීවරයෙක් ඉංජිනේරුවරයෙක් දඹුල්ල මහ නගර සභාවට නොමැති බවත් නාගරික කොමසාරිස්වරයෙකු තමන්ට ලැබී දින කිහිපයක් පමණක් බවත් හෙතෙම සඳහන් කළේය.
රුපියල් කෝටි දෙකක මුදලක් වියදම් කර කොට තාප දාහකය එවකට පැවති පාලනය සවිකල ද කිසිදු ක්‍රියාත්මක වීමක් එදා සිට සිදුවී නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
නිසි ක්‍රමවේදයකින් ක්‍රියාත්මක නොවීම නිසා මේ තත්ත්වය උදා වී ඇතැයි ඔහු පැවසීය, ඉදිරියේ දී ධ්‍යම පරිසර අධිකාරිය වනජීවී දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහ නගර සභාව එක්ව මෙම ස්ථානය නැවත් නිසි ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමුවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.




