දුම්රිය හරස් මාර්ග සඳහා ස්ථාපිත කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 50ක වගකීම් කාලය නිමවීමටත් පෙර ක්‍රියා විරහිතව ඇති අතර, මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇති රුපියල් මිලියන 242.13ක පාඩුව සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අය කර ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය මගින් 2024/01/09 දින නිර්දේශ කොට ඇත.
අදාළ ටෙන්ඩර්කරු විසින් අවශ්‍ය සුදුසුකම් ලැබීමේ නිර්ණායක සපුරා නොතිබියදීඑම සමාගමට ප්‍රසම්පාදනය ලබා දීමට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කොට ඇති බවත් මෙය ළබැදියාවන් මත සිදු වූ ගනුදෙනුවක්ද යන්න පිළිබඳ පරීක්ෂාවක් කොට සුදුසු පියවර ගත යුතු බවත් විගණනය මගින් නිර්දේශ කොට ඇත.
තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් මෙම ටෙන්ඩරය ඇගයීමේදී විනිවිදභාවයකින් කටයුතු කර නොමැති බවට අනාවරණය වී තිබුණි. එමෙන්ම තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රමාණවත් හා සත්‍ය තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ කාර්යභාරය නිසිපරිදි ඉටු කිරීම පිළිබඳ සලකා බැලිය යුතු බවද විගණනය මගින් නිර්දේශ කොට ඇත. සැපයුම්කාර සමාගම විසින් ස්ථාපනය කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 200 අතුරින් 2023 වර්ෂයේ ජූනි මස 30වනදා වන විට මෙම විදුලි පද්ධති 50ක් ක්‍රියා විරහිතව තිබුණි.