සේවය කළ ලොරියේ පිටුපස ට හා ගබඩාවක බිත්තියකට හිරවීමෙන් බරපතල තුවාල ලැබූ ලොරි සහායකයා එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත්වූ බව බියගම පොලීසිය පවසයි.
කොළඹ වරායේ සිට බියගම බණ්ඩාරවත්ත ගබඩා අංගනයකට සීනි කිලෝ ග්‍රෑම් 50 හේ බෑග් 500 ක් ප්‍රවාහන කර ගබඩා අංගනයට බෑම සඳහා ලොරි රථය පසුපසට ගැනිමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.
පෙරේදා (11) රාත්‍රී 11.00ට පමණ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලිගමුව නගර සීමාවේ පදිංචිව සිටි එච්. පී. ප්‍රේමරත්න නැමති (37) දෙදරු පියෙකි.
ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති එන්.වික්‍රමසිංහ පොලිස් සැරයන් උපාලි ඇතුළු කණ්ඩායමක් පොලිස් පරීක්ෂණ මෙහෙයවිය.
බියගම පද්මසිරි රණතුංග