සීදූව, රද්දොළුගම පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරින් 28කට කොවිඩ්
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කොට්ඨාසයෙන් , ඊයේ (20) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලයක් තුල කොරෝනා රෝග ආසාදිතයින් 172 දෙනෙකු හමුව ඇති බවත් මින් 55 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මිගාර ඈපා මහතා පැවසීය.
සීදූව කොට්ඨාසයෙන් ආසාදිතයින් 35 දෙනෙකු සහ අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 19 දෙනෙකු වශයෙන් වැඩි පිරිසක් හමුව ඇති බව සදහන් කළ අධ්යක්ෂවරයා, ගතවූ පැය 24 තුල බියගම ආයෝජන මණ්ඩල කලාපයෙන් 25 දෙනෙකු හමුව ඇති බවත් මින් වැඩිම 19 දෙනෙකු වන පිරිස එම කලාපයේ ඇන්සල් ලංකා ආයතනයෙන් වන අතර මේ අනුව එම ආයතනයේ 66 දෙනෙකු ආසාදිතයින් වශයෙන් හදුනාගෙන ඇති බවත් පැවසීය.
මේ අතර සීදූව , රද්දොළුගම සහ අධිවේගී මාර්ගය යන ස්ථානයන්ගෙන් ආසාදිතයින් වශයෙන් පොලිස් නිලධාරීන් 28 දෙනෙකු හදුනාගෙන ඇති බවද අධ්යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය.
තිලකරත්න දිසානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

