සීතාවක ප්රාදේශීය සභාව ඇතුළු ප්රාදේශීය සභා කිහිපයක සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය අද(14දා) තීන්දු කෙරිණි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසුරිය සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගේ සමන්විත මිනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දීමට කටයුුතු කළහ.