සීගිරිය බලකොටුවක් නොවේ
සීගිරිය බලකොටුවක් නො වන බවත් එය උද්‍යානයක් ලෙස භාවිතා කර ඇති බවත් පර්යේෂණවලින් තහවුරු වී ඇති බව සංචාරක අමාත්‍යංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව පැවසුවේ මහනුවර පැවති උත්සවයකදීය.
"සංචාරක මධ්‍යස්ථානයක් හැටියට සීගිරිය මුළු ලෝකය ම දන්නවා. නමුත් සීගිරියේ හරි දේ ලෝකෙට යන්නේ නෑ. සීගිරිය ලෝක පූජිත සංචාරක සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙස නම් කළත් ඒ පිළිබඳව හරි ක්‍රමවේදයක් නෑ. ඒ නිසා මේක හරි තත්ත්වයට දාන්නේ කොහොම ද කියන එක ගැන සාකච්ඡා කරන්න. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් සංස්කෘතික මධ්‍යස්ථානයත් යුනිසෙෆ් එකේ නිලධාරිනුත් හැමදෙනා ම ඒකරාශී වෙලා ඉතාමත් ම ධනාත්මකව සාකච්ඡාවක් පැවැත්වුණා.
අපි හැමදෙනා ම මේ සීගිරියට යනවා සීගිරිය බලකොටුවක් කියලා හිතාගෙන. සීගිරිය බලකොටුවක් වුණානම් ඔච්චර ලස්සනට හදලා ඔච්චර පොකුණු හදලා ඔච්චර ලස්සන මල්වතු හදලා තියෙන්නේ ඇයි. ඇත්තට ම සීගිරිය බලකොටුවක් නෙමේ සීගිරිය ලස්සන ලෙෂර් පාර්ක් එකක්. පේරාදෙණිය වගේ ම ලස්සනට විවේකයෙන් ඉන්න ඒ කාලේ තිබුණු ශ්‍රී වීභූතියත් එකක් රජතුමා හදපු ලෙෂර් පාර්ක් එකක්. එතන සම්පූර්ණ සාධයකයත් හමුවෙලා සනාථ වෙලා ඉවරයි." එහි දී ලේකම්වරයා පැවසීය.
popular news
-
t Tuesday, 13 September 2022 06:27 AM
එතකොට පාර්ලිමේන්තුවත් උද්‍යානයක් වෙන්න ඇති.
Reply : 0 0
Kumar Tuesday, 13 September 2022 05:45 PM
api mepaman kalak igenagena thibenne boruwakney. maypamana thanithalaa bim asala thibeddhi parwathayak matha udyanayak hadnna aththey ithamath wadgath nisa wenna athi. epmanknove wateyta murapolawal saha balen paminena ayge angata peralanna gal soodanam karalath thibenawa. mudune kanasa govipolakda thibenne aththey.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

