CNN, MS NOW සහ Politico යන මාධ්‍ය ආයතනවලට ධවල මන්දිරය "වහාම" තහනම් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර යි.
සිකුරාදා Truth Social හි සටහනක දී ට්‍රම්ප් පැවසුවේ, එම ආයතන ඔහුගේ පරිපාලනය පිළිබඳ "ප්‍රබන්ධ හෝ බොරු නිරන්තරයෙන් ලියන හෝ වාර්තා කරන" බවයි.
ට්‍රම්ප් පසුව එය "ඉතා සරල තහනමක්" ලෙස හැඳින්වූ නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කළේ නැත. එම ආයතනවල සේවකයින් ධවල මන්දිර භූමියට ඇතුළුවීම වළක්වනු ඇත්ද යන්න පැහැදිලි නැත.
මෙම පියවර ඇමරිකානු මාධ්‍ය නිදහසට එරෙහි "නීති විරෝධී ප්‍රහාරයක්" ලෙස CNN ඉක්මනින් විවේචනය කළේය.
